Advertisements

Loading...

Anam Manam

Advertisements

Loading...

GALLERY


ගංජ සුරුට්‌ටුවෙන් හා 
හරක්‌ හොරුන්ගෙන් ගමක්‌ බේරාගත්
'අපේ හාමුදුරුවෝ'

ගිනියමින් දැවුණු ගත නිවිණි. බෝපත් සැළෙන සිලි, සිලියට සිත ද නිවිණි. චණ්‌ඩ හිරුගේ වියරු කිරණින් දැවෙන ඇඹිලිපිටිය නගරයේ මෙවැනි තුරු උයනක්‌ දැකගැනීම ද ගත, සිතට මහත් අස්‌වැසිල්ලකි. විසල් ගහ කොළවලින් පිරුණු ඒ බිමෙහි අඩක්‌ම වැසී ඇත්තේ සිව් දෙසට අතු, ඉති පැතිරුණු ප්‍රතාපවත් බෝධිරාජයාණන් වහන්සේගේ තුරුපත්වලිනි. එමෙන්ම මහ ගස්‌ සෙවණ යට, කුඩා පඳුරු අතර තන්හි තන්හි දිය පිරුණු පොකුණු ද ඒ පින්බිමට අමුතුම සිරියාවක්‌ එකතු කර ඇති බව සැබෑය. එමෙන්ම ජපන් රටේ විහාරස්‌ථානවල දක්‌නට ලැබෙන පාෂාණයෙන් සැදුම්ලත් ආරාම ගොඩනැඟිලි, නැවත ප්‍රතිසංස්‌කරණය කරමින් ස්‌ථානගත කර තිබූ පෞරාණික ප්‍රතිමා වහන්සේ සහ විවිධ බෞද්ධ සංකේතයන් ඒ භූමියට එකතු කර තිබූ පෞඪත්වය අතිශය ගාම්භීරය. ඒ පින්බිමේ අසිරිය විඳිමින්, සුදු වැලි තලාවේ ගල් ඇතුරූ මාවත දිගේ අපි ඉදිරියට පියවර මැන්නෙමු. 


ගල් පඩි දෙක, තුනක්‌ ඉහළට නැඟි තැන මැටි කුටියකි. හුළං කවුළු ඇත. වහන පියං නැත. කුටියට ඇතුළු වීමට දොරගුළු සහිත විසල් දොරවල් නැත. භික්‍ෂුවකට ධර්මයේ රැකවරණය හැර වෙනත් කිසිදු රැකවරණයක්‌ ඇවැසි නොවන බව ඒ කුටිය දකින අපට පසක්‌ විය. කුටිය තුළ ද සුවපහසු අසුන්, වෛවාරණ සැරසිලි කිසිවක්‌ නැත. ඒ කුටිය පුරා විසිරී තිබුණේ සරල බව පමණි. දැන් එම කුටිය මැද අප ඉදිරියේ වැඩ සිටින්නේ අඳුරින් වැසී තිබූ ඇඹිලිපිටිය ආලෝකවත් කළ හිමි සඳය. ඕමල්පේ සෝභිත හාමුදුරුවෝය. උන්වහන්සේ ඇඹිලිපිටියට කළ ඇති සේවය අති විශාලය. ඇඹිලිපිටියට පමණක්‌ නොව රට, ජාතියට, ආගමට මෙන්ම සතා සීපාවාගේ ආරක්‍ෂාව උදෙසා ද උන්වහන්සේ කර ඇති සේවය අති උතුම්ය. ආගමික, සමාජයීය සහ අධ්‍යාපන සේවා යන තුන්දොරම එක ලෙස විවෘත කරමින් උන්වහන්සේ විසින් සිදු කර ඇති මෙහෙවර දෙවැනි වන්නේ රාජ්‍ය සේවයට පමණක්‌ යෑයි සිතෙන තරම්ය. එහෙත් මේ සටහන තැබෙන්නේ උන්වහන්සේගේ දාන පරමිතාව ගැන ගුණ කථනයක්‌ කිරීමට නොව, සෝභිත හාමුදුරුවන්ගේ මහා සද්කාරය ගැන තව, තවත් රට, ජාතිය දැනුවත් කරමින් සරණක්‌ පතන අසරණයන්ට සැනසිලිදායක තොරතුරක්‌ ලබාදීමටය. මේ ඒ සඳහා සමාජයට ලබාදෙන පණිවුඩයකි. එම සමාජ දේශනාවත් සෝභිත හාමුදුරුවන්ගේ සුමධුර හඬින්ම ගලා යන්නට ඉඩ හැර දැන් අපි අසා සිටිමු...

''මම ශාසනයට ඇතුළත් වෙච්ච හැටේ දශකයේ ඇඹිලිපිටිය හොර, සතුරන්ගෙන් පිරුණු දිළිඳුකමේ පතුලටම වැටුණු ගමක්‌. එදා මගේ එකම අභිප්‍රාය වුණේ ඇඹිලිපිටිය අඳුරින් මුදාගැනීමයි. ඇඹිලිපිටිය මම ඉපදුණු ගම. ඒත් මගේ නම ඉදිරියේ තියෙන්නේ ඕමල්පේ ගමේ නම. ඕමල්පේ අපේ තාත්තගේ ගම. 1940 අවුරුද්දේ තාත්තා ඇඹිලිපිටියේ පදිංචියට ඇවිත් තිබුණා. තාත්තට කරන ගෞරවයක්‌ විදිහට තමයි මගේ පැවිදි ජීවිතයේ නම ඉදිරියට ඕමල්පේ ගමේ නම එකතු කළේ...''

කඩුවෙල ජාත්‍යන්තර කාම්බෝජ බෞද්ධ මධ්‍යස්‌ථානය 

''මම මහණ වුණෙත් මේ පන්සලේ. එතකොට මේ පන්සලට කියන්නේ බෝධිරුක්‌ඛාරාමය කියලා.




විහාරාධිපතිව වැඩ සිටියේ ලාල්පේ සිරිවංශ නායක හාමුදුරුවෝ. බොහෝම කටුක දුෂ්කර ජීවිතයක්‌ ගත කරපු ස්‌වාමීන් වහන්සේනමක්‌. ඒත් උන්වහන්සේ දුරදක්‌නා නුවණින් යුක්‌තව කටයුතු කළ හිමිනමක්‌. 1959 අවුරුද්දේ උන්වහන්සේ මේ පන්සල ආරම්භ කරලා තිබුණේ බෝධිය මුල් කරගෙන. එතකොට මේ බෝධිය ළඟ තිබිලා තිබුණේ වෙළෙඳසලක්‌. 1958 අවුරුද්දේ දවසක ඒ වෙළෙඳසලේ හිමිකරුව වෙඩි තබා ඝාතනය කරලා තිබුණා. මුදලාලි මහත්මයා නැති වුණාට පස්‌සේ ඥාතීන් මේ ඉඩම් අතහැර දාලා මුල් ගම්වලට ගියා. පස්‌සේ ගමේ මිනිස්‌සු එකතු වෙලා බෝධිය ඉදිරිපිට වෙළෙඳසල පන්සලක්‌ කරන්න තීරණය කරලා ලාල්පේ සිරිවංශ හාමුදුරුවන්ට ආරාධනා කරලා තිබුණා. එතකොට ලාල්පේ සිරිවංශ හාමුදුරුවෝ වැඩ සිටියේ ඇඹිලිපිටිය කලගෙඩිආරේ ආරණ්‍ය සේනාසනයේ. ගමේ මිනිස්‌සුන්ගේ ආරාධනාව පිළිගෙන උන්වහන්සේ මේ ස්‌ථානයට වැඩම කළා...''

''1960 අවුරුද්ද වෙනකොට දායක සභාව සංවිධානය වෙලා මේ ස්‌ථානයේ පුංචි ආවාස ගෙයක්‌ හැදුවා. ඒ ගොඩනැඟිල්ල ශාසනයට පූජා කිරීමයි, මේ ඉඩම් කොටස පූජා කිරීමයි මගේ පැවිදි උත්සවයයි කරුණු තුනම එකට 1961 අවුරුද්දේ ජුනි මසේ 22 වැනිදා සිද්ධ වුණා. එතැන ඉඳලා මම පිරිවෙන් අධ්‍යාපනයට යොමු වුණා. 1970 අවුරුද්දේ විෙද්‍යාaදය විශ්වවිද්‍යාලයට ඇතුළත් වුණා. බන්දුල ගුණවර්ධන, එස්‌. බී. දිසානායක, චන්ද්‍රසිරි ගජධීර, රෝලන්ට්‌ අබේපාල මාත් එක්‌ක එකට විශ්වවිද්‍යාලයේ ඉගෙන ගත්ත ශිෂ්‍යයන්. ඒ කාලේ විශ්වවිද්‍යාලය තුළ සිදු වූ දේශපාලන, සමාජීය කටයුතුවලදී පෙරමුණ ගත්තේ අපි තමයි. විශ්වවිද්‍යාල තුළ අලුත් හඬක්‌ නිර්මාණය කරන්න අපිට පුළුවන් වුණා. 1974 අවුරුද්දේ මම සාමාන්‍ය උපාධිය අවසාන කළා. ඒ සමඟ ගුරුවරයෙක්‌ විදිහට මහරගම වජිරඥාණ ධර්මායතනයේ සේවයට එකතු වුණා. 1976 අවුරුද්ද වෙනකොට අපිට රජයේ ගුරුපත්වීම් ලැබුණා. ඒ වෙනකොට මම ශාස්‌ත්‍රපති උපාධියත් අවසාන කරලා තිබුණේ. ගුරුපත්වීම ලැබීමත් සමඟ 1981 අවුරුද්ද වෙනකොට මම රට පුරා පාසල් පහක ගුරුවරයෙක්‌ විදිහට සේවය කළා. ඒ අතර කාලේදී තායිලන්ත රෝයල් තායි තෙලෝසිප් ශිෂ්‍යත්වය මට පිරිනැමුවා. එම ශිෂ්‍යත්වයට මා තෝරාගනු ලැබුවේ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහ නිකායේ අති පූජ්‍ය මහා නායක ඉඳුරුවේ උත්තරානන්ද හිමියන් ප්‍රධාන කාරක සංඝ සභාව මගින්. 1981 අවුරුද්දේ අවසාන බාගය වෙනකොට මම තායිලන්ත වට්‌ පක්‌ නාම් උසස්‌ අධ්‍යාපන ආයතනයට ඇතුළත් වුණා...''

ඇඹිලිපිටිය බෝධිරාජ ජාත්‍යන්තර පාසල

එම විශ්වවිද්‍යාලයේදී ගොඩනැඟුණු සම්බන්ධතා සමඟ ලෝක බෞද්ධ මහා සම්මේලනයේ සිංගප්පූරු ශාඛාවෙන් මට ආරාධනාවක්‌ ලැබුණා. එම ආරාධනාව පිළිගෙන 1982 අවුරුද්දේ මම සිංගප්පූරුවට වැඩම කළා. සිංගප්පූරුවේ ආගමික කටයුතු කරගෙන යන අතරතුර මැලේසියාවේ ක්‌වලාලාම්පූර් සෙන්තුල් බෞද්ධ විහාරය පුනර්ජීවයට පත් කරන්න අපට අවස්‌ථාව උදා වුණා. ඒ විදිහට සිංගප්පූරු, මැලේසියා රටවල ධර්ම ප්‍රචාරණ කටයුතු කරගෙන යන අතරතුර වැඩිදුර අධ්‍යාපනය සඳහා ඉන්දියාවේ දිල්ලි විශ්වවිද්‍යාලයට ඇතුළත් වීමට මට අවස්‌ථාව උදා වුණා. දිල්ලි විශ්වවිද්‍යාලයෙන් තමයි මම ආචාර්ය උපාධිය ලබාගත්තේ. කැලණි විශ්වවිද්‍යලයේ මහාචාර්ය, කැලණි රජමහා විහාරාධිපති පූජ්‍ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්‌ත ස්‌වාමීන්වහන්සේ සහ ආචාර්ය පිලිපීන විශ්වවවිද්‍යාලයේ කථිකාචාර්ය බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ හිටපු මහෝපාධ්‍ය ආචාර්ය ඉත්තදෙමලියේ ඉන්දසාර හිමියන් ද ඒ කාලේ දිල්ලි විශ්වවිද්‍යාලයේ ඉගෙනගත්තා. ඒ වගේම දිල්ලි විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන කටයුතු කරගෙන යන අතරතුර ඕල් ඉන්දියා ගුවන් විදුලි ආයතනයෙන් මට රැකියා අවස්‌ථාවක්‌ ලබා දුන්නා. එම අවස්‌ථාව මට ලබාදුන්නේ එවකට එම ගුවන් විදුලි ආයතනයේ සිංහල අංශයේ වැඩසටහන් මෙහෙය වූ ආචාර්ය වරාගොඩ ප්‍රේමරතන ස්‌වාමීන් වහන්සේ සහ පූජ්‍ය


විජිතධම්ම ස්‌වාමීන් වහන්සේගේ මඟපෙන්වීම යටතේ. මම එම ආයතනයේ වැඩසහන්aවලට සම්බන්ධ වුණේ අර්ධ කාලීනව. ඒත් එම ගුවන් විදුලි ආයතනය මගේ රාජකාරියට සරිලන වේතනයක්‌ ලබාදුන්නා. මගේ අධ්‍යාපන කටයුතුවල වියදම්වලට ඒ ලබාදුන්න වේතනය විශාල අරමුදලක්‌ වුණා. ඒ වගේම දිල්ලි විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන කටයුතුවල නියෑලෙන අතරතුර ඉන්දියානු ඉතිහාස පර්යේෂණ දෙපාර්තමේන්තුව විසින් මට ශිෂ්‍යත්වයක්‌ පිරිනැමුවා. 1987 අවුරුද්දේ මම නැවත ලංකාවට වැඩම කළා. මාස කිහිපයක්‌ ලංකාවේ ගත කරලා නැවත සිංගප්පූරුවට වැඩම කළා. ඒ අවස්‌ථාවේදී සිංගප්පූරු දායකයෝ මට කිව්වා දිගටම සිංගප්පූරුවේ වැඩ සිටින්න කියලා. ඒත් මට අවශ්‍ය වුණේ උපන් ගමට සේවය කරන්න. සිංගප්පූරු දායකයන්ට මම ඒ බව පැහැදිලි කරලා දුන්නා. ඒත් ඔවුන් මට එක හෙලා කියා සිටියේ සිංගප්පූරුවේ වැඩ සිටින්න කියලා. ඒ අවස්‌aථාවේ මම ඇහුවා 'ඔයාලා කැමති සපත්තු පොලිෂ් කරන්නද... කකුල් නැති අයට කකුල් දෙන්නද...' කියලා. සිංගප්පූරු දායකයෝ මම කියන කතාව තේරුම් ගත්තා...''

'හොඳයි හාමුදුරුවනේ... ඔබවහන්සේ ලංකාවට වැඩම කරන්න. දුප්පත් මිනිස්‌සුන්ව දෙපයින් නැඟිටවන්න වැඩ පටන් ගන්න... අපි උදව් කරන්නම්...' සිංගප්පූරු දායකයන්ගේ ඒ වචන ටික මට ලොකු ශක්‌තියක්‌ වුණා. 

''1988 අවුරුද්දේ නැවත මම ඇඹිලිපිටියට වැඩම කරනකොට මේ පන්සලේ විහාරාධිපතිව වැඩ සිටියේ මුරුතාමුරේ මුනින්දවංශ ලොකු හාමුදුරුවෝ. පන්සලටම හිටියේ හාමුදුරුවරු තුන් නමයි. මම විහාරස්‌ථානයට වැඩම කරලා සතියක්‌ දෙකක්‌ යනකොට ගමේ සියලු දායකයන් පන්සලට රැස්‌ කරලා පොඩි දේශනයක්‌ කළා...''

'මම මේ පන්සලේ වැඩ සිටිනවා නම් මෙතැන තනියෙන් ඉන්න බෑ. තව හාමුදුරුවරු තිස්‌, හතළිස්‌ නමක්‌වත් ඉන්න ඕනෑ. එවැනි සංඝයා වහන්සේ පිරිසකට දානය ටික ලබාදෙන්න ඔය ඇත්තෝ කැමතිද...' කියලා මම ඇහුවා. මගේ යෝජනාවට ගමේ දායකයෝ කැමති වුණා. 1988, 89 මහා භීෂණය මැද මම වැඩ පටන් ගත්තා. සිංගප්පූරු දායකයෝ වචනයෙන් කියපු විදිහටම ක්‍රියාවෙන් කළ උදව් උපකාර ගම්පෙරළියට මට විශාල ශක්‌තියක්‌ වුණා. පළමුවෙන්ම අපි පුංචි දරුවෝ දහහතර දෙනෙක්‌ මහණ කළා. විහාරස්‌ථානයේ නම ශ්‍රී බෝධිරාජ ධර්මායතනය කියලා වෙනස්‌ කළා. ඒත් ඒ වෙනකොට මේ ප්‍රදේශයේ තිබුණු සදාචාරාත්මක පරිහානියත් සමඟ අපට වැඩ කරගෙන යන්න ලේසි පහසු වුණේ නෑ. පන්සලේ පිංකමට ඇවිත් මිනිස්‌සු ගංජා සුරුට්‌ටු උරනවා. බී ගත්ත මිනිස්‌සු විහාර භූමියේ ගහමරාගන්න යනවා. ගමේ නිතරම ඇන කොටා ගැනීම්, මිනිමැරුම් සිදු වුණා. හිගුරාණ ගම කසිප්පු, ගංජා මත්ද්‍රව්‍යවලට රටේම ප්‍රසිද්ධ වෙලා තිබුණා. මගේ ඊළඟ වෑයම වුණේ ප්‍රදේශවාසීන් විනායානුකූල පිරිසක්‌ බවට පත් කිරීමට කටයුතු කිරීමයි...'' 

''ඇඹිලිsපිටියේ අමද්‍යප ව්‍යාපාරය පටන් ගත්තා. ඒ හරහා මිනිස්‌සුන්ට නීති මාලාවක්‌ දැම්මා. මළගෙදරක පාංශකූලය දෙන්න යන වෙලාවට බීමත් මිනිස්‌සු ඉන්න බෑ. ඉන්නවා දැක්‌කොත් අපි නැඟිටලා එනවා. කියපු විදිහටම ඒ නීති ක්‍රියාත්මක කළා. පන්සලේ දහම් පාසල ආරම්භ කළා. ගමේ සෑම ළමයකුවම දහම් පාසලට එවන ලෙසට නියෝග කළා. ඊට අමතරව ධර්ම ප්‍රචාරණ වැඩසටහන් විදිහට පන්සල් නැති ඈත දුෂ්කර ප්‍රදේශවල පිණ්‌ඩපාතය චාරිකාවක්‌ ආරම්භ කළා. ඒ පිණ්‌ඩපාත චාරිකාවට භික්‍ෂූන් වහන්සේ තිස්‌, හතළිස්‌ නමක්‌ සම්මාදම් කරගත්තා. භික්‍ෂූන් වහන්සේ දෙනම බැගින් කණ්‌ඩායම්වලට බෙදිලා ගමේ ගෙවල්වලට වැඩම කළා. ගෙවල්වල පිරිත් දේශනා කළා. රෝගීන්ට සෙත් ප්‍රාර්ථනා කළා. ගමේ දිළිඳුම ගෙවල් තෝරගෙන දානය ලබාගත්තා. භික්‍ෂූන් වහන්සේව පිළිගන්න ඒ ගම්වල මිනිස්‌සුන්ට පිළිවෙත් පුරුදු පුහුණු කළා. ඒ විදිහට ධර්ම ප්‍රචාරණ වැඩසටහන්, මත් විරෝධී වැඩසටහන්, පෞරුෂ වර්ධන වැඩසටහන් කරගෙන යනකොට ටිකෙන්, ටික මේ ගම්වල මිනිසුන්ගේ ආකල්ප වෙනස්‌ වුණා. දැන් පෝය දවසට ගමේ මිනිස්‌සු තුන්හාරදාහක්‌ පන්සලට එනවා. තුණුරුවන්ගේ සරණින් දුම්වැටි සුවඳක්‌වත් එන්නේ නෑ. දරුවො පනහකින් විතර ආරම්භ කරපු දහම් පාසලේ අද ළමයි එක්‌දාහස්‌ හත්සීයක්‌ විතර ඉන්නවා. අපේ පන්සලේ හාමුදුරුවරු හැටනමක්‌ වැඩ සිටිනවා. ඒ සියලු හිමිවරු අධ්‍යාපන කටයුතුවල නියෑලෙන අතර ධර්ම ප්‍රචාරණ කටයුතුවල නිරත වෙනවා...''

''1988 අවුරුද්දේ අපි වැඩ පටන් ගන්නකොට ප්‍රදේශයේ තිබුණු ප්‍රධාන ගැටලුව පානීය ජලය සහ සනීපාරක්‍ෂක පහසුකම් නැතිකම. අපි මැදිහත් වෙලා නිවාස සහ ඉදිකිරීම් අමාත්‍යාංශයේ සම්බන්ධීකරණයෙන් ලෝක බැංකුවේ ආධාර ඇතිව පානීය ජල ව්‍යාපෘතියක්‌ ආරම්භ කළා. ටික කාලයක්‌ යනකොට මුළු ඇඹිලිපිටිය ප්‍රදේශයටම පිරිසිදු පානීය ජලය බෙදාහරින්න අපිට පුළුවන් වුණා. අවසානයේ එම ජල ව්‍යාපෘතිය ලංකාවේ සාර්ථකම ව්‍යාපෘතියක්‌ බවට පත් වුණා. අදටත් එම ව්‍යාපෘති පාලනය කරන්නේ අපියි. ඒ සමඟ ප්‍රදේශයේ අධ්‍යාපන තත්ත්වය දියුණු කරන්න ළමයින්ට ශිෂ්‍යත්ව වැඩසටහන් ආරම්භ කළා. දෙමව්පියො නැති සහ දෙමව්පියන්ට හදාගන්න බැරි ළමයි වෙනුවෙන් ඇඹිලිපිටිය බෝධිරාජ ළමා නිවාසය ආරම්භ කළා. ආබාධිත දරුවන් වෙනුවෙන් උඩගම ළමා නිවාසයක්‌ ආරම්භ කළා. ඒ වගේම අපි ඇඹිලිපිටියට පමණක්‌ සීමා වුණේ නෑ. රටේ අනෙකුත් දුප්පත් ප්‍රදේශවලත් සමාජ සේවා කටයුතු ආරම්භ කළා...''

''ඉJද්‍රසාර ලොකු හාමුදුරුවන්ගේ නමින් දෙහිඅත්තකණ්‌ඩියේ ළමා නිවාසයක්‌ පවත්වාගෙන යනවා. අරඹුක්‌කන බෝධිරාජ ළමා ගම්මානයක්‌ පවත්වාගෙන යනවා. ඒ ළමා ගම්මානය තුළ ගැහැනු පිරිමි, සිංහල දෙමළ සියලු ළමයි ඉන්නවා. ඒ වගේම දෙමළ ළමයි වෙනුවෙන් දෙමළ ළමා නිවාසයක්‌ රක්‌වානේ ආරම්භ කරලා තියෙනවා. ආබාධිත දරුවන් වෙනුවෙන් කඩුවෙල ප්‍රදේශයේ විශේෂ අධ්‍යාපන ඒකකයක්‌ ආරම්භ කරලා තියෙනවා. ඥාති රැකවරණයක්‌ නැති දෙමව්පියන්, කාන්තාවන් වෙනුවෙන් අනාථ නිවාස තුනක්‌ ආරම්භ කරලා තියෙනවා. පණාඩුව ගාමිණි වැඩිහිටි නිවාසය. තෙල්බදුආර කුසුමා කාන්තා නිවාසය. ඇඹිලිපිටිය විශාඛා කාන්තා නිවාසය. ඒ කාන්තා නිවාසය අනෙකුත් සමාජ සේවා මධ්‍යස්‌ථානවලට වඩා සුවිශේෂයි. එම නිවාසයේ ජීවත් වෙන්නේ ලිංගික අතවරයන්ට ගොදුරු වූ අඩු වයස්‌ ගැහැනු දරුවන්. මෙරට එවැනි වැඩසටහන් කරන එකම බෞද්ධ ආයතනය 'බෝධිරාජ පදනම' විතරයි. විශාඛා කාන්තා නිවාසයට ඒ ළමයි භාර දෙන්නේ උසාවිය, පරිවාසය මාර්ගයෙන්. හොඳ ආරක්‍ෂාවක්‌ යටතේ අපි ඒ දරුවන්ව රැකබලා ගන්නවා. දැනට ගැබිණි මව්වරු සහ දරුවන් ලැබුණු අම්මාවරු දහඅට දෙනෙක්‌ ජීවත් වෙනවා. වගකීම් සහගත රාජකාරියක්‌. ඒත් ගැටලුවක්‌ නැතිව අපි පවත්වාගෙන යනවා...''

''ඒ වගේම බරපතළ සමාජ සේවයක්‌ තමයි ඇඹිලිපිටියේ ආරම්භ කරපු බෝධිරාජ ජාත්‍යන්තර පාසල. ඒක සුවිශේෂී සමාජ සද්කාරයක්‌. අපි එම ජාත්‍යන්තර පාසල ආරම්භ කළේ අන්‍යාගමික සංවිධානයක්‌ විසින් ඇඹිලිපිටියේ ජාත්‍යන්තර පාසලක්‌ ආරම්භ කරන්න සූදානම්වීමත් සමඟ නැගුණු සමාජ විරෝධයට පිළියමක්‌ විදිහටයි. ඒ සමාජ විරෝධය තුළ ජාත්‍යන්තර පාසලක අවශ්‍යතාවක්‌ තිබෙන බවත් අපි හඳුනාගත්තා. ඒ සියලු කරුණු හේතුකොටගෙන බෞද්ධ පරිසරයක්‌ තුළ ජාත්‍යන්තර පාසලක්‌ ආරම්භ කිරීමේ වගකීම අපි භාර ගත්තා. බෝධිරාජ ජාත්‍යන්තර පාසල දැන් රජයත් සමඟ ඒකාබද්ධ වී උපකෘත පාසලක්‌ විදිහට පවත්වාගෙන යනවා. මේ වෙනකොට ළමයි එක්‌දහස්‌ දෙසීයක්‌ අධ්‍යාපන කටයුතුවල නියෑලෙනවා. සියලු අධ්‍යාපන කටයුතු සිදු වෙන්නේ ඉංග්‍රීසි මාධ්‍යයෙන්. එම පාසල් භූමියේම ඉංග්‍රීසි මාධ්‍යයෙන් කරගෙන යන පෙර පාසලේ ළමයි හාරසීයක්‌ පමණ ඉගෙන ගන්නවා. ජාත්‍යන්තර පාසලට ළමයි ඇතුළත් කරගන්නේ ඒ පෙර පාසල මාර්ගයෙන්...''

''මේ වෙනකොට ඇඹිලිපිටිය ප්‍රදේශයේ අධ්‍යාපන තත්ත්වය ඉතාම දියුණුයි. ආගමික පරිසරයක්‌ තුළ ශිෂ්ටසම්පන්න අනාගතයක්‌ නිර්මාණය වෙමින් තිබෙනවා. එදා අන්‍යාගමික සංවිධානවලට ජාත්‍යන්තර පාසල් ආරම්භ කරන්න ඇඹිලිපිටියේ ජනතාව ඉඩ ලබා දුන්නා නම් අද මේ සිංහල බෞද්ධ පරිසරය නෑ. ඇඹිලිපිටියේ මිනිස්‌සු තුළ දැන් තිබෙන ආගමික සහජීවනය, ජාතික සමගිය නෑ. මේ නගරයත් අන්‍යාගමික කොලනියක්‌ බවට පත්වෙනවා සිකුරුයි. අපි ඒකට ඉඩ දුන්නේ නෑ. අදත් ඇඹිලිපිටිය සුද්ධ සිංහල නගරයක්‌. ඇඹිලිපිටියට එන යන, මිනිස්‌සු, සංවිධාන කෙරෙහි අපි ඇහැගහගෙන ඉන්නේ. ඇඹිලිපිටිය නගරයේ තියෙන බාර්වලට අමතරව තව බාර් විවෘත කරන්න දෙන්නේ නෑ. වෙනත් ආගමික සංවිධානවලට ඇඹිලිපිටියට අතගහන්න දෙන්නේ නෑ. මස්‌ කඩ දාන්න දෙන්නේ නෑ. ගවයාගේ සුරක්‍ෂිතතාවය වෙනුවෙන් අපි ගව අනාථාගාරයක්‌ ආරම්භ කරලා තියෙනවා. මුළු ලෝකයටම තියෙන එකම ගව අනාථාගාරය පවත්වාගෙන යන්නේ බෝධිරාජ පදනම. දැනට ගවයන් එකසීය පනහක්‌ පමණ ඉන්නවා. ඒ පිරිස අතරින් බොහෝ දෙනෙක්‌ව අපට දීලා තියෙන්නේ උසාවිය මාර්ගයෙන්. මුළු ලංකාවේම ගවයන් අපේ ගව අනාථාගාරයේ ඉන්නවා. සියලු ගවයන්ට වෙනම පොත් පත් දාලා විනිවිදභාවයකින් යුක්‌තව පවත්වාගෙන යනවා. ඊට අමතරව දුප්පත් ගම්මානවල දිළිඳු පවුල් තෝරාගෙන සෑම මාසයකම කිරි ගවයන් පරිත්‍යාග කිරීමේ වැඩසටහනක්‌ කරගෙන යනවා...''

ශාසනික සේවාවන් වශයෙන් අපි වැඩසටහන් කිහිපයක්‌ ආරම්භ කරලා තියෙනවා. ඒ අතර කඩුවෙල ඉහළ බෝමිරිය ප්‍රදේශයේ ආරම්භ කර තියෙන ජාත්‍යන්තර කාම්බෝජ බෞද්ධ මධ්‍යස්‌ථානය සුවිශේෂි සේවයක්‌ සිදුකරනවා. මේ රටේ අධ්‍යාපනය ලබන කාම්බෝජ භික්‍ෂූන් වහන්සේලා තිස්‌නමක්‌ පමණ දැනටත් එම මධ්‍යස්‌ථානයේ නේවාසිකව අධ්‍යාපන කටයුතුවල නිරත වෙනවා. ඊට අතමරව සිංගප්පූරුවේ බෝධිරාජ බෞද්ධ සමිතිය ආරම්භ කරලා තියෙනවා. ඇඹිලිපිටියේ ගුණසිරි ස්‌වාමීන් වහන්සේ සිංගප්පූරු විහාරස්‌ථානයේ වැඩසිටිමින් ධර්ම ප්‍රචාරණ කටයුතු කරගෙන යනවා. මැලේසියාවේ කන්තාම් නගරයේ බෝධිරාජ විහාරස්‌ථානයක්‌ ස්‌ථාපනය කරලා තියෙනවා. එම විහාරස්‌ථානයේ විහාරාධිපති වහන්සේ විදිහට රන්නේ ඉන්ද්‍රසාර හාමුදුරුවෝ සුවිශේෂී ආගමික වැඩකටයුතු රාශියක්‌ කරගෙන යනවා. ඊට අමතරව බෝධිරාජ මේ විහාරස්‌ථානයේ භාවනා මධ්‍යස්‌ථානයක්‌ පවත්වාගෙන යනවා. රක්‌වාන ප්‍රදේශයේ භාවනා මධ්‍යස්‌ථානයක්‌ පවත්වාගෙන යනවා. දැනට හැත්තෑවකට පමණ නේවාසිකව භාවනා කටයුතුවල යෙදෙන්න පුළුවන්. ජාති ආගම්වලින් තොරව ඕනෑම කෙනෙකුට එම ස්‌ථානයට පැමිණ භාවනා කටයුතුවල නිතර වෙන්න පුළුවන්. කිසිදු අය කිරීමක්‌ නෑ. කෑම, බීම සියල්ල අපි ලබාදෙනවා. මේ සියලු සමාජ සේවා කටයුතු කරගෙන යන්නේ විදේශීය සහ දේශීය අපේ දායකයන්ගෙන් ලැබෙන පුංචි මුදලෙන්. ඒ හැරෙන්නට අපිට කියලා රුපියලක ආදායමක්‌ එන ව්‍යාපාර නෑ. අපේ අරමුණ පිරිසිදුයි. ඒ නිසා අපිට ලැබෙනවා. ඒ ලැබෙන රුපියල් ශතවලින් මේ වෙනකොට අපි ඇඹිලිපිටියේ විශාල ආගමික පුනරුදයක්‌ ඇති කරමින් සදාචාර වර්ධනයක්‌ ඇති කරලා තියෙනවා. ඒ තුළින් ආර්ථික වර්ධනය ඇති වෙලා තියෙනවා. මේ රට දියුණුවටත් ප්‍රථමයෙන් රට තුළ සදාචාර වර්ධනයක්‌ ඇති කළ යුතුයි. එයයි රට සංවර්ධනය කිරීමේ අත්තිවාරම. දැන් ප්‍රමාණවත් නේද...'' උන්වහන්සේගේ කාන්තිමත් දෙනෙත් දිලුණහ. දිගු කතාවට විරාමයක්‌ තැබුණහ.

සිංහල සමාජය මෙතරම් හෝ ශක්‌තිමත් වී සිටින්නේ බෞද්ධ ආගම නිසාය. භික්‍ෂූන් වහන්සේලා නිසාය. ආගම, ජාතියට පැන නැගුණු ගැටලු හමුවේ නිර්භයව, සෘජුව පෙනී සිටි හිමිවරු අතර ඕමල්පේ සෝභිත හිමියෝ ද ඉදිරියෙන්ම සිටිති. උන්වහන්සේ දේශපාලනයට පිවිසියේ ද රට ජාතිය වෙනුවෙන් පාර්ලිමේන්තුව තුළ හඬක්‌ ඉස්‌මතු කිරීමටය. එහෙත් දේශපාලනය නැමැති නරා වළ පින්සාර හිමිනමකට සුදුසු තැනක්‌ නොවේ. සෝභිත හාමුදුරුවෝ දේශපාලන නරා වළෙන් එතෙරවීම සම්බන්ධයෙන් අප සතුටු විය යුතුය. එමෙන්ම උන්වහන්සේ සිදු කර ඇති මහා සමාජ සද්කාරයට පින් අනුමෝදන් කළ යුතුය. ආගම, ජාතිය බැබලවීමට තවත් චිරාත් කාලයක්‌ උන්වහන්සේ අප අතර වැඩ සිටිත්වායි එක්‌සිතින් ප්‍රාර්ථනා කර සිටිමු...

තරංග රත්නවීර
සේන වී. ගමගේ

If You Like To Help Us
Gossip Lanka - Gossip99
wmf.a kj;u mqj;a my;ska n,kak
gossip , gossip lanka , Sri Lanka gossip, Sri Lanka Sinhala gossip ______________________________________________________________
© 2016 Gossip99 Email : info@gossip99.com
Advertising - Contact Here Editor - editor@gossip99.com Contact Here Help Desk : info@gossip99.com
All the content on this website is copyright protected.
_______________________________________________________________________________________ www.Gossip99.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.

Mini Gossip

VIDEO PORTAL

Facebook